අල්ලස් ගත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා, පලතුරු සැපයුම්කරුවෙකුගෙන් රුපියල් හැට දහසක අල්ලසක් ලබාගැනීම නිසා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පාර්ලිමේන්තුව වෙත සපයනු ලබන පලතුරු ප්‍රතික්ෂේප නොකර සිටීම සඳහා මොහු මාසිකව රුපියල් තිස්දහස බැගින් ලබාගෙන ඇති බව කොම්සමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී විරසුරිය මහත්මිය සඳහන් කළාය.

මාර්තු මාසයට හා පසුගිය ජුනි මාසයට අදාළ එම අල්ලස් මුදල ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.