වනාතවිල්ලුව, එළුවන්කුළම කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ වසර සිය ගණනක් පැරණි අක්කර 100 ගණනක වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් හෙළිපෙහෙළි කර තිබේ.
යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත වන සංහාරය මාස ගණනවක් තිස්සේ සිදු කර ඇති බව සදහන්.
මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර් කිහිපයක් නුදුරින් පිහිටා තිබේ.
ඒ හේතුවෙන් විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් සැරිසරන බැවින් වන විනාශයත් සමග වනසතුන් ගම්මාන වෙත කඩා වැදිම වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇතැයි ද පරිසරවේදීන්හු අනතුරු ඇඟවති.
මේ අතර මෙසේ වනාන්තර විනාශ කර දමා ඉඩම් විකිණීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක බවද වාර්තා වන අතර එම නිසා අදාළ වගකිව යුතු පාර්ශව මේ පිළිබදව වහාම විදිමත් පරික්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු ඉල්ලා සිටිති.