පොල්දූව පාලම අසල තිබූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

Share

බත්තරමුල්ල, දියවන්නා ඔයේ පොල්දූව පාලම අසල ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

 

වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මියගිය පුද්ගලයා හෝකන්දර, සිංහපුර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අයෙකු බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.

ඔහු පසුගිය 07 වැනිදා ඥාතීන්ට නොදන්වා නිවෙසින් පිටව ගොස් ඇති බවට ඔහුගේ පුත්‍රයා විසින් එදිනම තලංගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

මළ සිරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News