නිට්ටඹුවේ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

Share

නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ හොරගොල්ල ප්‍රදේශයේ දී ඊයේ(13) සවස සිදුවු රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

මහනුවර දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ නවතා තිබූ කාර් රථයක හා ජීප් රථයක ගැටී මාර්ගයේ ඇදී ගොස් අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වු පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි.

Read more

Local News