ලඩියාට අයත් බස් රථ 3ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් අතුරුගිරියේ “ලඩියා“ නමැත්තාට අයත් යැයි පැවසෙන බස් රථ තුනක් අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු ඉන්දියාවට පළාගොස් සැඟව සිටින බව පැවසේ.

එම බස්රථ වල වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ යැයි සඳහන්.

එම බස් රථ සමග “ලඩියා“ගේ ඥාතියෙක් හා ඔහුගේ සමීපතමයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් බස් රථ අතර සුඛෝපභෝගී කුඩා බස් රථ දෙකක් හා ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ද වේ.

Read more

Local News