කොළඹ – හැටන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

Share

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයට ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී විශාල ගලක් පෙරළී ඒම හේතුවෙන් මාර්ගයේ‍ රථ වාහන ධාවනයට බාධා ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

 

එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (24) උදෑසන 7 සිට ඇණහිට ඇති බව අප සියත වාර්තාකරු සදහන් කළේය.

තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.

Read more

Local News