සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් – සංරක්ෂණ කටයුතු අාරම්භ කරයි

Share

සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව අනාවරණය වීමත් සමඟ සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයින් සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු ඊයේ (05)ආරම්භ කරනු ලැබුවේ දිලීර වර්ධනය මෙන්ම උෂ්ණත්වය නිරීක්ෂණය සහ ගණනය කළ හැකි අධි තාක්ෂණික කැමරාද යොදා ගනිමිනි.

මෙම දිලීර ව්‍යාප්තිය සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස සමඟ සිදුවන ස්වභාවික සංසිද්ධියක් බවත්, රසායනික ප්‍රතිකාර හරහා නැවත යථාතත්වයට පත් කළ හැකිවනු ඇති බවත් ධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

Read more

Local News