විස්සට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Share

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

 

එම විනිසුරු මඩුල්ල සඳහා පත් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් මඩුල්ල වන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, සිසිර ද ආබෲ මහතා යි.

මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිතය.

Read more

Local News