ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට තිබු ටෙස්ට් තරඟාවලිය කල්යයි

Share

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබු තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය කල් දමා තිබේ.

 

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් තරඟාවලිය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ටෙස්ට් තරඟාවලිය සැප්තැම්බර් – නොවැම්බර් මස අතර දී පැවැත්වීමට නියමිතව තිබුණි.

වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් එම තීරණයට එළැඹ ඇති බව වාර්තා වේ.

Read more

Local News