පරිසර වාර්තා නොගත් කර්මාන්තශාලා 4000ක් කැලණි ගඟ දෙපස

Share

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4000ක් පමණ පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.

 

කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැලණි ගඟ දෙපස කර්මාන්තශාලා 7000ක් පමණ ඇති අතර ඉන් පරිසර වාර්තා ලබාගෙන ඉදිකර ඇත්තේ කර්මාන්තශාලා 3000ක පමණ ප්‍රමාණයක් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

පරිසර සංවිධාන නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී පරිසරවේදීන් මේ බව කියා සිටියේ ය.

මෙහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා පාරිසරික වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බවය.

එමෙන්ම කර්මාන්තශාලාවලින් අප-ජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දායකත්වය ලබාගත යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති මහින්ද අමරවීර අමාත්‍යවරයා කැලණි ගඟ දෙපස පවතින පරිසර වාර්තා ලබානොගෙන ඉදිකර ඇති කර්මාන්තශාලා පිළිබඳ අධ්‍යයනයක් සිදුකර තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News