ලෝක සෞඛ්‍ය දින ජාත්‍යන්තර උත්සවය පිළිබඳ සාකච්ඡාවක් අද

Share

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා කර ඇති ලෝක සෞඛ්‍ය දින ජාත්‍යන්තර උත්සවය පිළිබඳ මුලික සාකච්ඡාවක් අද (06) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලෝක සෞඛ්‍ය දින ජාත්‍යන්තර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට මෙහිදී තීරණය විය.
අප්‍රේල් මස 07 දින දවස පුරා එම උත්සවය පැවැත්වෙන අතර, එදින පස්වරුවේ අනාගත නායකයින් බිහි කිරීමේ අරමුණින් සිසු හමුවක් ද කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. උත්සවය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරිමට ද තීරණය කෙරුණි.

Read more

Local News