තැපැල් ඡන්ද පිළිබඳ යම් පක්ෂයක් ජයග්‍රහණය කර ඇති බව කියන ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක්

Share

මැතිවරණ කොමිසම සඳහන් කළේ මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පිළිබඳ යම් පක්ෂයක් ජයග්‍රහණය කර ඇතැයි යන ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් බවත්, තැපැල් ඡන්ද ගණනය කිරීම ආරම්භ කෙරෙන්නේ මැතිවරණය පැවැත්වෙන දිනයේ (10) සවස බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර නව මැතිවරණ ක්‍රමය අනුව වෙනම තැපැල් ඡන්ද ප්‍රතිඵලයක්ද නිකුත් නොකරන අතර කොට්ඨාසය තුළ ඡන්දය ගණන් කරන විට එම ප්‍රතිඵලයට අදාල කොට්ඨාසයට අයත් තැපැල් එදින සවස ගණනය කරන විට එකතු කරන බවයි.

යම් වෙබ් අඩවියක් හෝ ජංගම දුරකථන ඔස්සේ යම් පක්ෂයක් තැපැල් ඡන්දවලින් ජය ලබා ඇතැයි යන ප්‍රචාරය අසත්‍යක් බව මින් තහවුරු වන අතර මේ පැමිණිලි ඇතොත් මැතිවරණ කොමිසම වෙත හෝ ආසන්නම පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියි.

Read more

Local News