පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාර ගන්නා කාර්යාලය තාවකාලිකව වසා දැමේ

Share

කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සිදු කරගෙන යනු ලබන වැඩපිලිවෙළට අනුව කොළඹ ඕල්කට් මාවත පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පවත්වාගෙන ගිය පොලිස් නිශ්කාශන අයදුම්පත් භාර ගන්නා කාර්යාලය හෙට(07) දින සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

 

එසේ වුවද මෙම නිශ්කාශන වාර්ථා අයදුම් කිරීම පෙර පරිදිම ශ්‍රී ලංකා පොලිසියේ www.police.lk නිල වෙබ් අඩවියට පිවිස මාර්ගස්ථ ක්‍රමය මඟින් (Online) සිදු කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News