කොරෝනා දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් ඉහළට : ඊයේ 832ක්

Share

මෙරට වාර්තාගත ඉහලම කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ(06) දිනයේ වාර්තා වූ අතර මේ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පොකූරෙන් වාර්තා වන රෝගීන් ගණන 832ක්.

 

මෙම රෝගීන් මිනුවන්ගොඩ , මීරිගම , දිවුලපිටිය,කුරුනෑගල හා කටාන සීදුව, මහර, යාපනය, මොනරාගල හා ජා- ඇළ යන ප්‍රදේශවලින් ආසාදිතයන් හඳුනාගෙන ඇත.

මෙම ආසාදිත පිරිස වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා අසාදිත ගණන 4,242 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරන්නේ ඇඟලුම් කම්හලේ සේවකයින් දිවයිනේ කුමන ප්‍රදේශයක මේ වනවිට රැඳී සිටියද සමාජයට නිරාවරණය නොවී නිවසටම වී සිටින ලෙසයි

Read more

Local News