කොරෝනා බවට සැක පුද්ගලයෙකු රාගම රෝහලෙන් පැනලා ගිහින්

Share

කොරෝනා වෛරසය වැළඳී ඇතිබවට රාගම රෝහලේ සැක සහිතව ප්‍රතිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංච් පුද්ගලයෙක් රෝහලෙන් පැන ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත් කොවිඩ්-19 වෛරසය වැළඳීම ලැජ්ජාවට කරුණක් නොවන බවයි.

රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට උත්සහකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය සහ නිරෝධායන නීති යටතේ නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා අවධාරණය කළ අතර
මෙම රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙකු සැඟවීමට උත්සහ කරන පුද්ගලයෙක් හො එම රෝගීන් සැඟව සිටින නිවසක්, ගොඩනැඟිල්ක් හෝ ඕනෑම නිෂ්චල දේපළක් වේ නම් ඒවා තහනමට ගැනීමට සිදුවන බවද ඒ මහතා පැවසීය.

Read more

Local News