මින්නේරිය ඇතුළු තැන් කිහිපයකට අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්

Share

ලබන 13වන දා (අඟහරුවාදා) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

 

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මින්නේරිය ජල ගබඩා ටැංකියේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ මින්නේරිය, හිඟුරක්ගොඩ, මින්නේරිය නගරය, මින්නේරිය හබරණ මාර්ගයේ ගිරිතලේ දක්වා, ගල්ඔය පාර, හිඟුරක්ගොඩ නගරය සහ අවට, මාලකපුර, තඹලවැව සහ සිංහඋදාගම ආදී ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

Read more

Local News