බංග්ලාදේශ නාවික හමුදාවට අයත් නෞකාවන් 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි

Share

බංගලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (07) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  එම නෞකාවන් පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

අලි හයිඩර් නෞකාව දිගින් මීටර් 103.22 ක් හා පළලින් මීටර් 10.83 කින් යුක්ත වන අතර, 200 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. නිර්මුල් නෞකාව දිගින් මීටර් 62.2 කින් සහ පළල මීටර් 9 කින් යුක්ත වන අතර, නිලධාරීන් සහ නාවිකයන් 70 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් එළබෙන පෙබරවාරි 09 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.

Read more

Local News