ඉකුත් ජූලි මාසයේ මාලදිවයිනේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය කාලය සම්පූර්ණ කළ කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ පදිංච් පුද්ගලයෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
අදාල පුද්ගලයා දින 14 ක ස්වයං නිරෝධායනය ද අවසන් කර තිබූ අතර යළි මාලදිවයිනට යෑම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වී තිබෙන බවට වාර්තා වෙයි.