සියලුම කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ගෙත් අද PCR පරික්ෂාවට

Share

අද(14) දිනයේ කොළඹ සියලු බන්ධනාගාර නිලධාරීන් PCR පරීක්ෂණවලට යොමු කිරීමේ වැඩසටහනක් බන්ධනාගාර රෝහල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.

 

ඒ අනුව, කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

ඒ සඳහා සියලු නිලධාරීන්ට පෙනී සිටින ලෙසත් එම පරීක්ෂණ සඳහා ඕනෑම නිලධාරියෙකුට මුහුණ දීමට අද ඉඩකඩ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, සියලු බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read more

Local News