පොලිස්පති මහජන සහන දිනය 09වන දා නොපැවැත්වෙයි

Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක වන පොලිස්පතිවරයාගේ මහජන සහන දිනය මෙම 09දා නොපැවැත්වෙන බවයි.
සෑම සතියක ම සිකුරාදා දිනයේ පොලිස්පති මහජන සහන දිනය පොලිස් මුලස්ථානයේ දී පැවැත්වේ.
එළැඹෙන 10දා පැවැත්වීමට නියමිත 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් එදිනට පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වේ.
සිකුරාදා දිනයේ (16) සුපුරුදු පරිදි මහජන සහන දිනය පැවැත්වෙන බව ද මුලස්ථානය දන්වා සිටී.

Read more

Local News