කොළඹ, ගම්පහ ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර ගැන දැනගැනීමට දුරකථන අංක කිහිපයක්

Share

ගම්පහ සහ කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර හා කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳ විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව් දෙනෙකු අනුයුක්ත කර තිබේ.

 

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම අනුයුක්ත කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව,

කැලණිය පොලිස් කොට්ඨාසය සඳහා – 071 859 16 05

ගම්පහ පොලිස් කොට්ඨාසය සඳහා   –  071 859 16 10

මීගමුව පොලිස් කොට්ඨාසය සඳහා    –  071 859 16 32

කොළඹ උතුර පොලිස් කොට්ඨාසය සඳහා – 071 859 15 74

ඉහත අංක අමතා අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා සම්බන්ධ කරගෙන එම විමසීම් සිදුකළ හැකිය.

Read more

Local News