බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 110කට සීමා වෙයි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 222ක් පමණි.

ඒ අනුව 223ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට අද දෙවන දිනය අවසාන වීමට පෙර සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 110ක් පමණි. ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122ක් ඉදිරියෙන් සිටියි.

අකිල ධනංජය හා සුරංග ලක්මාල් කඩුලු තුන බැගින් දවා ගත් අතර ඩිල්රුවන් පෙරේරා කඩුල්ලක් දවා ගත්තේය.

හසන් මිරාස් විසින් බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කළ අතර ඔහු නොදැවි ලකුණු 38ක් රැස් කළේය.

Read more

Local News