මැතිවරණ දින පැමිණිලි භාර ගැනීමට පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක්

Share

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් 2018 මැතිවරණ දින පැමිණිලි භාර ගැනීම ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

හෙට (10) දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ඡන්ද විමසීම් දින පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක වෙයි.

පැමිණිලි හෝ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ෆැක්ස් අංක හා දුරකතන අංක පහත සඳහන් වේ.

පළාත                      දුරකථන අංකය    ෆැක්ස් අංකය

බස්නාහිර පළාත       011-2866448    011-2866387
නැගෙනහිර පළාත     011-2866470    011-2866396
මධ්‍යම පළාත          011-2866478    011-2866401
උතුරු පළාත           011-2866492    011-2866408
දකුණු පළාත           011-2866493    011-2866410
උතුරු මැද පළාත      011-2866495    011-2866421
වයඹ පළාත            011-2866496    011-2866423
සබරගමුව පළාත       011-2866498    011-2866428
ඌව පළාත             011-2866504    011-2866434

අමතර දුරකතන අංක    – 011-2866529        ෆැක්ස් අංක    – 011-2866446

පොලිස් පැමිණිලි ඒකකය –

දුරකතන අංක        ෆැක්ස් අංක
011-2866541    011-2866531
011-2866546    011-2866532
011-2866535
011-2866538
011-2866540

Read more

Local News