බංග්ලාදේශ හිටපු අගමැතිනිට අවුරුදු පහක සිර දඬුවමක්

Share

දූෂණ චෝදනා ලබා සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි කලදා ෂියාට අවුරුදු පහක සිර දඬුවමක් නියම කර අැති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් පොලිසිය සහ දහස් ගණන් විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගන අැත.

හිටපු අගමැතිනිය වරදකරු කරනු ලැබ සිටින්නේ ළමුන් වෙනුවෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලැබුණ ඩොලර් 252,000 කට ආසන්න ජාත්‍යන්තර ආධාර අවභාවිත කිරීම සම්බන්ධයෙනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්තාවේදී ඩකා නුවර පිහිටි අධිකරණය ඉදිරිපිට රැස්වූ කලදා ෂියාගේ ආධාරකරුවන් දහස් ගණනක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදු විය.

හැත්තෑ දෙවැනි වියේ පසුවන විපක්ෂ නායිකාව තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Read more

Local News