නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලය තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට(30) සහ නොවැම්බර් 2 වන දින උදෑසන 5.00 දක්වා බස්නාහිර පළාතට ම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය පහත පරිදි වේ.
2020.10.30 – 2020.11.01
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ද බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද , හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වු කිසිදු දුම්රියක් ඉහත දෙදින තුළ ධාවනය නොවේ.
2020.10.31
අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ධාවනය වන දුම්රිය, එම නියමිත වේලාවට ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.