නීතිපති, ඇලෝෂියස්ට හා පළිසේනට ඇප දීමට විරුද්ධ වෙයි

Share

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයේ දෙවැනි සැකකරු හා තෙවැනි සැකකරු වන පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව දැඩි විරුද්ධත්වය දක්වන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුව මේ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද ලිඛිතව කරුණු දක්වමින් දන්වා ඇති බව සදහන් වෙයි.

දෙපාර්ශවයේ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබද නියෝගය පෙබරවාරී 16 වන දා නිකුත් කිරීමට නියමිතය.

Read more

Local News