සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අත්හිටුවයි

Share

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යළි රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද (02) දින සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

මේ හේතුවෙන් එකී පහසුකම් වෙන්කරගත් සංචාරකයන් සදහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී  දැනුම් දීමට කටයුතු කරන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Read more

Local News