පා ආබාධ සහිත කාන්තාවන්ට බිම හිඳ ක්‍රීඩා කරන වොලිබෝල් වැඩමුළුවක්

Share

පා ආබාධ සහිත කාන්තාවන් සහභාගී වන බිම හිඳ ක්‍රීඩා කරන වොලිබෝල් (Sitting Volleyball) ජාතික කණ්ඩායමක් පිහිටුවීම සඳහා ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ ජාතික බිම හිඳ ක්‍රීඩා කරන කාන්තා වොලිබෝල් සංගමය (National Sitting Volleyball Association) අනුරාධපුරයේදී නේවාසික ක්‍රීඩා වැඩමුළුවක් පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙම ක්‍රීඩාව සඳහා වෛද්‍ය වර්ගීකරණයට අනුව 42-44 කාණ්ඩයේ එක් පාදයක් හෝ පාද දෙකම ආබාධ සහිත තරුණ කාන්තාවන් බඳවා ගනු ලබන අතර ඔවුන් සඳහා මෙම බහුදින නේවාසික ක්‍රීඩා වැඩමුළුව පැවැත්වේ.

මෙම වැඩමුළුවෙන් පසු ජාතික කණ්ඩායම සඳහා තෝරා ගන්නා ක්‍රීඩිකාවන් ලබන අගෝස්තු මස ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News