කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.