ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් ජීවිතක්ෂයට

Share

ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මියගොස් තිබේ.

 

පොලිසියට ලැබුණු තොරතුරක් මත තවත් පොලිස් නිලධාරියෙකු සමග අදාළ ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් ගවයන් ප්‍රවාහනය කරන රථයක් පසුපස හඹායාමේදී මෙම අනතුර සිදුව ඇති බව ආණමඩුව පොලිසිය පැවසීය.

එම රථය පාලනයෙන් ගිලිහී ගොස් ආණමඩුව ඔරලෝසු කණූවේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක නැමැති නිලධාරියා සිද්ධියෙන් මිය ගොස් ඇත.

ඔහු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි.

අනතුරෙන් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News