ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවෙයි

Share

ඊයේ(08) දිනයේ දී වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 510 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති අතර එම ආසාදිතයින් ගණන 199 ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී නව ආසාදිතයින් 183 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් හැඳල හා වත්තල යන ප්‍රදේශවලින් වාර්තා විය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හමුවී ඇති නව ආසාදිතයින් ගණන 6ක්.

තවද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12ක්, ගාල්ලෙන් 9 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 4ක්, මහනුවරින් ආසාදිතයින් 3 ක් හා නුවරඑළියෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇත.

Read more

Local News