මගී බස්රථ හිමියන්ට ලැබෙන සහනය මෙන්න

Share

කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට පහත සදහන් ගාස්තු වලින් බස් ධාවකයින් නිදහස් කිරීමට තීරණය කර ඇත.

අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය නැවත මතුවීමත් සමඟ අදාළ සහන මෙම වසර අවසානය දක්වා ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ.

Read more

Local News