අඩු ආදායම් ලාභි පවුල්වල පාසල් සිසුන් 150 අධික පිරිසකට පාසල් උපකරණ

Share

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ‍ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය විසින් කිලිනොච්චි විශ්වමඩු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල සිටින පාසල් සිසුන් 150 වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ සහ පාසල් නිල ඇදුම් බෙදාදිමේ උත්සවයක් පෙරේදා (11) දින විශ්වමඩු මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපතිතුමාගේ ඉල්ලීම මත Venture Group සමුහ ව්‍යාපාරයේ අධිපති ක්‍රිශ්ණසාමි කනඟරාජ් මහතා සහ Venture Mark International (Pvt) Ltd’හි කළමණාකාර අධ්‍යක්‍ෂතුමන් සමගින් US Hotel හි පරිපාලන අධ්‍යක්‍ෂ දුෂ්‍යන්ත් මහතා මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

Read more

Local News