මෙරට සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය නිවේදනය කර තිබේ.
හෙට(21) දිනයේ සිට එම තීරණය ක්‍රියාත්මක වන අතර එම නව රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලයද ඇතුළත්ය.
මේ අතර ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11 ක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබුනේ එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසිනි.
එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලටය.