හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරිම සදහා එකගත්වයක්

Share

හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරිම සදහා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් එකගත්වය පළ කර ඇති බැවින් එය වහාම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

ඒ හෙඳ සේවාව මුහුණ දී ඇති ගැටලු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් ඊයේ (13) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දීය.

මෙහිදී අනතුරු දීමනා ලබාදීම, අනතුරු දීමනා ගෙවිම විධිමත් කිරීම, දෙවන ශ්‍රේණියේ උසස්වීම් වසර 05 න් ලබාදීම ඇතුලු කරුණු 17 ක් සාකච්ඡා කරන ලදි. එම කරුණු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසදුම් ලබාදුන්නේය.

Read more

Local News