සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කෙරේ

Share

හෙට (23) දිනයේ සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

එම දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදකලා කළ ප්‍රදේශවල නොනවත්වා ධායනය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන,

කොළඹ කොටුව / පොල්ගහවෙල / රඹුක්කන / මහනුවර / ගනේවත්ත / මහව 

ප්‍රධාන මාර්ගයේ දුම්රිය නොනවත්වන ස්ථාන,

මරදාන / දෙමටගොඩ / කැලණිය / වනවාසල / හොරපේ / රාගම / වල්පොළ / බටුවත්ත

හලාවත මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන,

කොටුව සිට හලාවත / පුත්තලම 

හලාවත මාර්ගයේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන,

මරදාන / දෙමටගොඩ / කැලණිය / වනවාසල / හොරපේ / රාගම / පේරලන්ද / කූරණ / මීගමුව / කට්ටුව

කැලණිවැලි මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන,

කොටුව සිට කොස්ගම / අවිස්සාවේල්ල

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය නොනවත්වන ස්ථාන,

මරදාන / බේස්ලයින්

Read more

Local News