සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

Share

රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (26) දිනයේ මෙම දිවුරුම් දිම සිදුවිය.

සරත් වීරසේකර මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

Read more

Local News