හුදකලා ප්‍රදේශවලට ඉදිරියේදී සිදු කරන දේ

Share

හුදකලා කළ ප්‍රදේශ වල ඉදිරි කටයුතු එළඹෙන සතියේ සඳුදා උදෑසනින් පසු කෙරෙන ආකාරය පිළිබඳව අද සවස හෝ හෙට උදෑසන රටට දැනුම්දීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ අනුව අවශ්‍යම කොටසක් පමණක් හුදකලා කිරීමට උත්සහ කරන අතර එය එක පාරක්, මහල් නිවාසයක් හෝ ගමක එක් කොටසක් වීමට හැකි බව හමුදාපතිවරයා පැවසීය.

ආසාදිතයින් හමු වූ විට ඔවුන් විසිරී සිටින ආකාරය සිතියමකට ගෙන බලන අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරන බවත් හුදකලා නොකර ආසාදිතයින් හමුවන ප්‍රදේශ පිළිබඳවත් මේ වනවිට අවධානය යොමුකර තිබෙන බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හමුදාපති වැඩ්දුරටත් පැවසුවේ” මෙම සතිය පුරාවට කරනු ලැබූ විශ්ලේෂණ සහ අද දිනයේදී සිදුකරන සම්පූර්ණ විශ්ලේෂණයකට අනුව ලබන සතියේ සඳුදා උදෑසනින් පසු ඉදිරි  ක්‍රමවේදය පිළිබඳව අද සවස් කාලයේදී හෝ හෙට උදෑසන රටට දැනුම් දෙනවා. ලබන සතියේදී අපි පුලුවන් තරම් හුදකලා කරන්න උත්සහ කරන්නේ අවශ්‍යම කොටසක් පමණයි. ඒක එක පාරක් වෙන්න පුළුවන්. මහල් නිවාසයක් වෙන්න පුළුවන්. ගමක එක කොටසක් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් අපි මේ වෙනකොට තොරගෙන තිබෙන්නෙ. 272ක් හම්බුණාම ඒ 272ම කවුද කියලා අපි දන්නවා. විසිරිලා තියෙන ආකාරය සිතියමකට අරගෙන අපි දකිනවා. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. හුදකලා නොකර ආසාදිතයින් හමුවන ප්‍රදේශ පිළිබඳවත් මේ වනවිට අපි අවධානය යොමුකරලා තියෙන්නෙ” යනුවෙනි.

Read more

Local News