මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමකින් රැඳවියෙක් මරුට November 29, 2020 Facebook Twitter Pinterest WhatsApp මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.