කාන්තා නියෝජනය 25%ක් ඇති කරමින් ඇතැම් පළාත් පාලන ආයතන වෙත සභිකයින් පත් කිරීම ගැටලුවක් වෙයි

Share

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව කාන්තා නියෝජනය 25%ක් ඇති කරමින් ඇතැම් පළාත් පාලන ආයතන වෙත සභිකයින් පත් කිරීම ගැටලුවක් වී තිබේ. එබැවින් ඊට අදාළ පනතේ සංශෝධන ඇති කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද දේශප්‍රිය මහතා,

දැනට තියෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නීතිය අනුව සෑම පළාත් පාලන අයාතනයකම අනිවර්ය 25%ක කාන්තා නියෝජනය සාක්ෂාත් කළ යුතු බව පවසා තියෙනවා. එය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියවලියක්ද පැහැදිලි කර තියෙනවා. එම ක්‍රියාවලියේ සඳහන් කරුණු අනුව සමහර පක්ෂවලට බලපෑම් කරන්න බැරි අවස්ථා තියෙනවා කන්තා සභිකයින් පත්කරන්න කියලා.

මේ සඳහා නීති සංශෝධනයක් ලබාගත යුතුවෙන බව අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින අතර මේ ගැටලුව ඇති පළාත් පාලන ආයතන හැටක් පමණ ඇතැයිද මේ සම්බන්ධව තවත් තිබෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධන දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කරන බව පැවසීය.

Read more

Local News