වැඩිම ආයෝජන අවස්ථා 2017 වසරේ ලබාගැනීමට හැකි වූ බවත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1ක් බවත් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එසේම කොටස් වෙළෙඳපොළද ඉහළ යමින් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රට තුළ ආර්ථික ප්රවර්ධනයක් ආරම්භ කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.
ආයෝජන අවස්ථාව වැඩිකරමින් ණය ගෙවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන අතර මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.