එවරස්ට් කඳු නගින්නන්ට ආශීර්වාද කිරීම සිය ජීවිත කාලය පුරා චාරිත්රයක් කරගත් ලාමා ගෙශේ බෞද්ධ භික්ෂුව අපවත්වීමත් සමග කඳු නගින්නන් උන්වහන්සේට ඔවුන්ගේ ගෞරවය පිරිනමමින් ඇති බව වාර්තා වෙයි.
අපවත් වන විට උන්වහන්සේ 87 වැනි වියේ පසු විය.
ලාමා ගෙශේ භික්ෂුව හිමාලයට මීටර් හාරදාහක් පහළින් ඇති ගමක ආශ්රමයක වැඩ වාසය කරමින් එම ගම්මානය හරහා ගමන් ගන්නා කඳු නගින්නන්ට ආශීර්වාද කිරීම පුරුද්දක් කර ගෙන සිටි බවයි වාර්තා වන්නේ.
එවරස්ට් කඳු නගින්නන්ට මග පෙන්වන ෂාර්පා වරුන් උන් වහන්සේගේ ආශීර්වාදයෙන් තොරව එවරස්ට් තරණයට මැළි වූ බව වාර්තා වේ.