අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (17) සහ හෙට (18) දින දෙක තුළදී සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි. ඒ දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව ඊයේ (16) රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.