Home දේශීය පුවත් කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු 10කට වරෙන්තු

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු 10කට වරෙන්තු

0
කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු 10කට වරෙන්තු

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු නඩු විභාගයක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

 

2018 වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු වී නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කළේ යැයි සැකකෙරෙන නඩුව අද (18) කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකරුවන් හෝ ඔවුන්ගේ ඇපකරුවන් අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වෙයි.

ඒ අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි පැමිණිලිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනතුරුව නඩුව අප්‍රේල් මස 23 වනදා කැඳවීමට නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here