Home දේශීය පුවත් කොරෝනා රෝගීන් වැඩිවෙලා : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා රෝගීන් වැඩිවෙලා : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

0
කොරෝනා රෝගීන් වැඩිවෙලා : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරට මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

 

ඒ රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් බවද එම සංගමය පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ අද (11) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් “මාසයකට කලින් ගත්තහම අපිට හිටියේ, ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 2,882යි. සති දෙකක් ඇතුළත මේක ජනගහනයෙන් මිලියනයට 3221 දක්වා වැඩිවෙලා තියෙනවා. ඊළඟට සති දෙකකට කලින් අපේ මරණ අනුපාතය තිබුණේ මිලියනයක් ජනගහනයට මරණ 8 – 9ක් වගේ. සති දෙක ඇතුළත මේක දෙගුණ වෙලා තියෙනවා. දැන් මිලියනයකට 17ක් දක්වා මරණ ප්‍රමාණය වැඩිවෙලා. රෝගීන් වැඩිවෙන වේගයට වඩා වැඩ ශීඝ්‍රතාවයකින් මරණ අනුපාතය අපේ රටේ ඇති වෙලා තියෙනවා. සමහර සෞඛ්‍ය අංශ වෙතින් මම දැක්කා ප්‍රකාශ කරනවා බොහෝම ස්ථාවර මට්ටමක මේක තියෙන්නේ වැඩිවීමක් නෑ කියලා. සංඛ්‍යාලේඛන සහිතව අපි කියනවා අවධානමේ වැඩිවීමක් සිද්ධවෙමින් තිබෙනවා. ඔය කියන විදියට ස්ථාවරයක මට්ටමක නම් තියෙන්නේ පීසීආර් රේට් එක වෙනස් වෙන්න ඕනේ නෑ. ජනවාරි මුල සියයට 3යි තිබුණේ. අද වෙනකොට ඒක සියයට 7ක් වෙලා. ඒ කියන්නේ දෙගුණයකින් පීසීආර් රේට් එක වැඩිවෙලා මාසයක් ඇතුළත. රෝගීන් වැඩිවෙලා. “  යනුවෙන් හරිත අලුත්ගේ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here