ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයින් තිදෙනකුගේ ගමන් බෑග්වල සඟවා තිබූ රුපියල් 5497500/- වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ චෙන්නායි සිට ලංකා ගුවන් යානයකින් පෙරේදා (22) සවස 2.40 ට පමණ අදාළ තිදෙනා මෙරටට පැමිණ තිබේ.
මෙම පුද්ගලයින් තිදෙනාගේ ගමන් බෑග් එක්ස් කිරණ පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු බෑග්වල හැඬලය තුළ සඟවා තිබූ රන් බිස්කට් දහයක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් වී ඇත.