Home විදෙස් පුවත් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර්ගේ මරණය හදිසි දියේ ගිලීමක්

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර්ගේ මරණය හදිසි දියේ ගිලීමක්

0
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර්ගේ මරණය හදිසි දියේ ගිලීමක්

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර්ගේ මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් බව ඩුබායි හිදී සිදුකළ වෝහාරික වාර්තාවේ සඳහන් වේ.

සෙනසුරාදා (24) ඇය මියගියේ ඩුබායි නගරයේ පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් සිටියදීය.

මරණය පිළිබඳ වෝහාරික වාර්තාව ශ්‍රීදේවිගේ පවුලේ සාමාජිකයන් සහ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව තවමත් නිකුත්කර නොමැති අතර, විෂ විද්‍යාව පිළිබඳ පරීක්ෂණයේ ප්‍රතිඵල ද අවසාන වාර්තාව මගින් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම, මුලින් ප්‍රකාශ වූ “හෘදයාබාධ වාර්තාව” සහ වෝහාරික වාර්තාවේ සඳහන් “හදිසි දියේ ගිලීම” අතර සම්බන්ධය ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිළි කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රීදේවි දශක 5කට වඩා වැඩි කාලයක් චිත්‍රපට 300 කට පමණ සිය රංගනයෙන් දායක වූවාය.

ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් ද ශ්‍රීදේවී කපූර් 2013 දී පිදුම් ලැබුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here