ආඝාතයට (stroke) ගොදුරු වූ පුද්ගලයන්ට ඉක්මන් සුවය ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට උපකාර වන දත්ත ලබාදෙන, ශරීරයේ පැලඳිය හැකි අන්දමේ සංවේදකයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් පිරිසක් වැඩිදියුණු කරමින් සිටිති.
මෙම සංවේදකය මගින් වෛද්‍යවරුන්ට රෝගියා පිළිබඳව අඛණ්ඩව තොරතුරු ලබා දෙයි.
චිකිත්සකයන්ට වඩාත් සමීපව තම ප්‍රතිකාර නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මෙයින් උදාවන බව මෙම විශේෂඥ කණ්ඩායම පවසති.