මියන්මාරයේ හමුදාවට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනමක්

Share

ෆේස්බුක් සමාගම විසින් මියන්මාරයේ මිලිටරිය සහ එහි අනුබද්ධ සමාගම්වලට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

2020 මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වංචා පිළිබඳ ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම සඳහා හමුදාව ෆේස්බුක් භාවිතා කර තිබේ

පෙබරවාරි 1 එරට සිදු වූ කුමන්ත්‍රණයෙන් පසුව ෆේස්බුක් සිය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර හමුදාවේ ප්‍රධාන ෆේස්බුක් පිටුව තහනම් කෙරුණි.

හමුදාව විසින් බලය අල්ලා ගත් සිට, එය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන, අන්තර්ජාලය අවහිර කිරීමට නියෝග කර ඇති අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ද තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් පවසයි.

ගිනිකොනදිග ආසියානු ජාතියේ තේරී පත් වූ රජය ඉවත් කළ කුමන්ත්‍රණයට එරෙහි පෙළපාළිවලදී අවම වශයෙන් විරෝධතාකරුවන් තිදෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගොස් තිබේ

මෙම තහනම සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය වැනි රජයේ අමාත්‍යාංශ සහ රාජ්‍ය සේවයේ නියුතු ආයතන ආවරණය නොකරන බව ද මියන්මාර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Read more

Local News