එලිසබෙත් රැජිණ කළ ඉල්ලීම

Share

තමන් අවට සිටින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිතා කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 ඇය පෙන්වා දී ඇත්තේ, එන්නත ලබා ගැනීමෙන් කිසිදු වේදනාවක් ඇති නොවන බවය. 

94 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජිණ සහ 99 හැවිරිදි ඇයගේ සැමියා ජනවාරි මාසයේදී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්හ. වීඩියෝ ඇමතුමක් හරහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් අමතමින් ඇය මෙම ඉල්ලීම සිදු කළාය. සාමාන්‍යයෙන් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් පළ නොකරන රැජිණ මෙසේ සිය අදහස් පළ කිරීම විශේෂත්වයකි. ඇය එහිදී පැවසුවේ, මේ වන තෙක් ඇයට එන්නත හේතුවෙන් කිසිදු බලපෑමක් ඇති වී නොමැති බවය. “ඒකට ගත වෙන්නෙ සුළු වෙලාවක්. කිසි ම වේදනාවක් ඇති වුණේ නැහැ මට,” ඇය කොවිඩ් එන්නත සම්බන්ධයෙන් තමන් ලැබූ අත්දැකීම පැහැදිලි කළේ එලෙසිනි. 

Read more

Local News